හැමදාම පොල්ගාන හිරමනේ පිරිසිදුව තියාගන්නෙ කොහොමද?

අතීතයේ පටන්ම මේ දක්වාම අපිට හිරමණය කියන්නේ නිවසකට නැතුව ම බැරි මුලුතැන්ගේයි උපකරණක් නේ. අපි කොයි කාගේ නිවසක උනත් හිරමණයක් තියෙනවා. අපේ අච්චිලා අපේ අම්මාලා ඉස්සර මේ හිරමණයට කුස්සියේ ලොකු වැදගත්කමක් ලබා දුන්නා. අපේ සිංහල අලුත් අවුරුද්දේදී අපි නොනගතය වෙලාවේ සියලුම වැඩ කටයුතු අත් හැරලා සුභ මුර්තිය ආවාම තමයි නැකතට කිරිබතට අවශ්‍ය පොල් ගෑමට හිරමණය තියායන්නේ.එතකම් හොදට පිරිසිදු කරලා පැත්තකින් තියපු හිරමණය එ දිනට එ වෙලාවේ සුභ දීශාවට සහ සුභ දීශාව බලාගෙනම තමයි පොල් ගැම ආරම්භ කරන්නෙත්. ඉතින් අදත් එවගේම හිරමණයට වැදගත් තැනක් ලැබෙනවාද? පිරිසිදුවට තියෙනවාද?

මං කලිනුත් පොස්ට් එකක් දලා තියෙනවා ගෙදර තියෙන හිරමණය කොහොමද? පිරිසිදු කරන්නේ කියලා. මං කසාද බැදලා එනකොට මගේ අම්මා මට තිලිණ කරපු ඔදිරිස් හිරමණය තමයි මං තාමත් පාවිච්චි කරන්නේ. දැන් එකට අවුරුදු 7ක් වෙනවා. තාමත් මං පාවිච්චි කරන්නේ එ අම්මා දීපු තලයමයි අඩුම ගානේ එකපාරක්වත් මුහත් කරලාවත් නැ. තාමත් හොදට පොල් ගැවෙනවා හොදට මුහත් තියෙනවා. මට මතක විදිහට අම්මා කොළඹ ගිය වේලාවක ගත්තේ එකක්. මට නම් මගේ අම්මාව මතක් වෙන හොද සිහිවටිනයක් මෙක එතරම් ම ආදරෙන් පරිස්සමෙන් මං මේ හිරමණය පාවිච්චි කරන්නේ.

අපි හිරමණය හොදට පිරිසිදු කරලා තියාගන්න ඔනා වෙන්නේ අපි ආදරය කරන අපේ ගෙදර සමාජිකයන්ට හොද සෞඛ්‍යාරක්ෂිතව කැම වෙලාවක් දෙන්න ඔනා නිසා. හිරමණය පිරිසිදු කරන්නේ නැති ව එක දිගටම පාවිච්චි කරනවා නම් බැක්ටීරියා ආසාදන ඇති වෙන්න උනත් පුලුවන්. බබාලාට උනත් බැක්ටීරියා ආසදන ඇති වෙලා නිතර නිතර අසනීප වෙන්න පුලුවන්. එක නිසා හිරමණය හොදට පිරිසිදු කරලා තියාගන්න.

අපේ ගෙදරට එන නැදැ හිතවතුන් අහන්නේ මේ හිරමණය පාවිච්චි කරන්නේ නැද්ද? කියලා එයාලාට පුදුමයි කඩෙන් මේ දැන් අලුතින්ම ගෙනවා වගේ තමයි මගේ හිරමණය තියෙන්නේ. එකේ තාමත් ඔදිරිස් නම ගහපු sticker එක පවා එහෙම්ම තියෙනවා. ඇත්තටම මගේ මේ හිරමණය අම්මා මට දීපු දවසේ තියෙන පෙනුම එ වීදිහට ම රැක ගෙන අද වෙනකම් පාවිච්චි කරන්න මට පුලුවන් උනා. පොල් ගාන හැම වෙලාවකම හොදට පිරිසිදු කරලා තමයි තියන්නේ. පොල් පිටින්ම නම් කවදාවත් තියලා.

සමහර ගෙවල්වලට ගියාම හිරමණය දිහා බලනවා තියා හිරමණය අල්ලන්නවත් බැ. අවුරුදු ගණන් ගාපු පොල් එකෙම ඇලවීලා කලු පාට වෙලා තියෙන්නේ. එ මදිවට හිරමණයේ මල වහන්නේ නැ ඉතින් එකෙ කුබීයි පිරිලා සමහර විට රැට ඔකේ තියෙන පොල් කන්න හුනො මීයෝ එහෙමත් එනවා ඇති. ඉතින් හිතන්න්කෝ අපි නොදැනුවත්ම හෝ දැනුවත්ම අපේ ගෙදර හදනකැමවල පිරිසිදුකම ගැන. මේ වගේ දෙවල් නිසා තමයි කුස්සියත් සම්පුර්ණයෙන්ම අපිරිසිදු වෙන්නේ සහ සත්තු බොවෙන්නේත්. එහෙම නැත්තම් හිරමණයේ මීට කලුවෙලා ඇලෙන ගතියක් එනවා නිකන්වත් අල්ලලා පොල් ගාන්න බැ. ඉතින් හිතන්නකො එහෙම ගෙදරකින් ඔයාට කැම ටිකක් කන්න හිතෙයිද කියලා. මේවා මහා අමාරැ වැඩ නෙමෙයි. අපි දිනපතා අපේ මුණ කට සෝදනවා වගේ තමයි මේ කුස්සියේ භාවිතා කරන උපකරණත් හොදින් පිරිසිදුවට තියාගන්න ඔනා. නැත්තම් හරිම අපිරිසිදු පාටයි. එ වගෙම ඉක්මනින් ම නාස්ති වෙලාත් යනවා. අපි මුදල් දීලා මීලදී ගන්නා උපකරණ ඉක්මනින්ම නාස්ති වෙන්නේ අපේ නොසැලකිල්ල අපිරිසිදුකම නිසා.

ඔයා දිනපතා පොල් ගැවාත් සතියකට එක් වතාවක් පොල් ගැවාත් හිරමණය පොල් ගාලා ඉවර උන සැනින් හොදින් පිරිසිදු කරන්න. නැත්තම් පොල් කැලි එකට එක හිරවෙලා තියෙනවා. එකට පිරිසිදු කරන්න වෙනම toothbrush එකක් භාවිතා කරන්න. තුත්බ්‍රෂ් එකට හිරමණයේ අස්සේ තියෙන හැම කුඩා පොල් කැල්ලක් ම පහසුවෙන් පිරිසිදු කරලා ගන්න පුලුවන්. හිරමණ තලේ වටේම සහ මල ඉස්සර තියෙන සිදුර පවා පහසුවෙන් පිරිසිදු කරන්න පුලුවන්. මං සතියකට සැරයක් වගේ සබන් දියර බොහොම පොඩ්ඩක් වතුර සමග කලවම් කරලා හිරමණයේ තලය අස්සේ හොදට මැදලා ගන්නවා. හැමදාම සබන් දියර දාන්නේ නැ තලේ මුහත් ගතිය නැතිවෙන නිසා. මාසයකට එක වතාවක් වගේ බෙකිං සෝඩා ටිකක් දලා තියලා මදිනවා මොකද? නැත්තම් පොල්වල තියෙන තෙල් ගතිය ගොඩාක් එකතු උනාම තලය අව පැහැ ගැන්වෙන්න බලන නිසා. ඊටපස්සේ ආපහු පිරිසිදු වතුරෙන් දෙපාරක් තුන්පාරක් විතර හොදට හොදලා වතුර බෙරෙන්න තියනවා. වතුර සියල්ලම බෙරිලා හොදටම වෙලුණාම තමයි එක වහන ප්ලාස්ටික් කවරයෙන් වහලා තියෙන්නේ. තෙත පිටින්ම වහන්න එපා.

ඔයාලා ගොඩාක් දෙනෙක් දන්නවා නේ මගේ හිරමණයට නම් මං නියමිත ස්තානයක ස්ථාන ගත කරලාමයි තියෙන්නේ. හරිම පහසුවයි මට පිරිසිදු කිරිම් කරන්න එතනම මගේ සින්ක් එක තියෙන නිසා. එ වගේම හිරමණයේ තල ආරක්ෂාවට වගේ අපේ ආරක්ෂාවටත් එක්කම තලෙ වැසෙන්න ප්ලාස්ටික් මලක් වගේ කවර් එකක් දලා තියෙනවා. එතකොට හුනෝ මීයෝ කුබීන්ගේ කරදර එන්නේත් නැ එයාලාට එකට එබීකම් කරන්නත් බැ.

මේ දෙවල් මහා ලොකු දෙවල් නෙමෙයි හැබැයි අපි වැඩිය නොහිත දෙවල්. හිරමණේ පිරිසිදු කරන්න වැඩිම විනාඩි 10ක් යාවි. අපි කොච්චර කැම රසට හැදුවාත් වැඩක් නැ නේ සෞඛ්‍යාරක්ෂිතව හදන්නේ නැත්තම්. අපි මෙහෙම හොදට අපේ බඩු පාවිච්චි කලාම ගොඩාක් කලක් හොදට ම මේවා තියාගන්න පුලුවන්. ගොඩාක් වෙලාවට බඩු ඉක්මනින්ම කැඩිලා යන්නේත් හරි විදිහට එවා පාවිච්චි නොකරන නිසා. අනික අපි හිතන්න ඔනා අපි කන්න දෙන්නේ අපි ගොඩාක් ආදරය කරන අයට නේ. එයාලාගේ සෞඛ්‍යාරක්ෂිතභව තියෙන්නේ අපි අතේ නේ කියලා.

ස්තුතියි!

®️Bhagi Gunawardana Tennakoon